Tuesday, March 19, 2024.

බ්‍රිතාන්‍යයේ නව අගමැති කවුද ?

Share

බ්‍රිතාන්‍යයේ නව අගමැති ධුරය සඳහා අයෙකු තෝරා පත්කරගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇත.

එය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

බ්‍රෙක්සිට් ක්‍රියාවලියට අදාළව ගෙන එන ලද සියලු යෝජනා අසාර්ථක වීමෙන් අනතුරුව තෙරේසා මේ බ්‍රිතාන්‍ය අගමැති ධුරයෙන් ඉවත් වන බව පසුගියදා නිවේදනය කළේය.

ඒ සමඟ ඇය කන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන්ද ඉවත් වූ අතර එම පක්ෂයට නව නායකයෙකු පත්කරගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇත.

බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැතිවරයා වන්නේද කන්සර්වේටිව් පක්ෂ නායකයායි.

එබැවින් පක්ෂ නායකත්වය සඳහා ඉතා තියුණු තරගයක් පවතින අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විරුද්ධ අදහස් දැරීම හේතුවෙන් එය වඩාත් උණුසුම් ස්වරූපයක් ගෙන ඇති බව සඳහන්ය.

එමෙන්ම නායකත්වය සඳහා තරගකරන්නන් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්බන්ධයෙන් දක්වන මතයද තරගකාරීත්වය ඉහළ ගොස් ඇති බව සඳහන්ය.

කෙසේ නමුත් පක්ෂ ප්‍රධානීන් අපේක්ෂා කරන්නේ ජුලි මස අවසානය වන විට නව නායකයා තෝරා පත්කර ගැනීමටයි.

ජුනි හත් වනදා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන නමුත් නව අගමැතිවරයෙක් තෝරා පත්කර ගන්නා තෙක් අදාල තනතුරේ කටයුතු කරන බව තෙරේසා මේ සිය විශේෂ ප්‍රකාශයේදී සඳහන් කළාය.

Read more

Local News