වැඩ බලන පොලිස්පතිට, ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමෙන් ලිපියක්

Share

වයඹ පළාතේ ස්ථාන කිහිපක ඇති වු නොසන්සුන්කාරී වාතාවරණය සමනය කිරීමට මේ දක්වාත් සුදුසු ක්‍රියාමාර්ග ගෙන නොමැති බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

එහි සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම මහත්මියගේ අත්සනින් යුතුව වැඩ බලන පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියක මේ බව සඳහන් වෙයි.

ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පිරිසක් ගැටුම් ඇති වු ප්‍රදේශවල සංචාරයක නිරතව තිබේ.

එහිදී ඔවුන්, ගම්වැසියන්, ප්‍රජානායකයින්, පොලීසිය මෙන්ම යුද හමුදාවේ සාමාජිකයින් ද මුණගැසී සාකච්ඡා කර ඇති බව සඳහන්ය.

එම ලිපිය මඟින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ වයඹ පළාතේ ඇති වු සිද්ධින් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර කටයුතු කරන ලෙසයි.

එමෙන්ම ප්‍රහාර එල්ල වීමට පැය කිහිපයකට පෙර පොලිස් සහ යුධ හමුදා හදිසි ඇමතුම් අංක වෙත දුරකථන ඇමතුම් ලබා දී ඇති බව සඳහන් කරන ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම ඊට ආරක්ෂක අංශ නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවද සඳහන් කර තිබේ.

Read more

Local News