කත්මණ්ඩු අගනුවර පිපිරීම් තුනක්

Share

නේපාලයේ කත්මණ්ඩු අගනුවර පිපිරීම් 03ක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එක් පිපිරීමක් සිදුව ඇත්තේ නගර මධ්‍යයේයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිපිරීම්වලින් පුද්ගලයින් සිව් දෙනෙකුට ජීවිත අහිමි වී ඇති බවයි.

මාවෝවාදි කැරළිකරුවන් ප‍්‍රහාරය එල්ල කරන්නට ඇති බවටද සැක පළ වෙයි.

කෙසේවෙතත් මේ දක්වා ප‍්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශ්වයක් භාරගෙන නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Read more

Local News