හච් ලංකා (Hutch) විසින් එටිසලාට් (Etisalat) පවරා ගනීයි

Share

CK හච්සන් සමූහයේ (CKHH Group Hong Kong) අනුබද්ධිත හච්සන් ටෙලිකොමියුනිකේෂන් ලංකා ලිමිටඩ් (Hutch ලංකා) සමාගම විසින් එටිසලාට් ලංකා සමාගම ඒකාබද්ධ කරගනිමින් පවරාගැනීම සාර්ථකව නිමාකළ බව නිවේදනය කරයි.

මෙම පවරාගැනීම මගින් වෙළෙඳ පොළ තත්ත්වය වඩාත් ශක්තිමත් කරගනිමින් හච් ලංකා සමාගම Hutch වෙළෙඳ නාමය යටතේ ඉදිරියටත් පවත්වා ගෙන යනු ලබන බවත්, එටිසලාට් (Etisalat)  වෙළෙඳ නාමය මෙරට ක්‍රියාත්මකවීම නිමාවට පත්කරන බවත් ඔවුන් වැඩිදුරටත් නිවේදනයකරයි.

ඒ අනුව, මෙම ජාල දෙක ඒකාබද්ධ කිරීම හරහා ඒකාබද්ධ ව්‍යාපාරයේ 078 සහ 072 අංක මුලට යෙදෙන ග්‍රාමීය සහ නාගරික සෑම පාරිභෝගිකයෙකුටම උසස් ගුණාත්මක බවින් ඉහළ ආවරණය සහ ක්‍රියාකාරිත්වය මගින් සුපිරි සන්නිවේදන සේවා පහසුකම් සපයන බවද ඔවුන් පවසයි. එමෙන්ම, හච් බස්නාහිර සහ නැගෙනහිර පළාත තුළ 4G සේවාව දියත් කර ඇති අතර, එය ඉදිරියේදී ජාතික වශයෙන් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සිදුකරමින් ඇති අතර, 072 භාවිත කරන පාරිභෝගිකයන්ටද එම සේවාව ඉදිරියේදී ලබාගත හැකි බව වැඩිදුරටත් පවසා සිටියි.

Read more

Local News