බෝර 12 ගිනි අවියක් සමඟ 2ක් අත්අඩංගුවට

Share

විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මීගහතැන්න පොලීසිය විසින් ඊයේ(27) දින අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරක් මත ත්‍රීරෝද රථයක් නවතා පරීක්ෂා කර විදේශ රටක නිෂ්පාදිත මෙම ගිනි අවිය සමඟ පතොරම් 4 ක් හා සැකකරුවන් අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වයස අවුරුදු 30 හා 47 පසුවෙන මීගහතැන්න හා ‍පොල්ගම්‍පල ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන් අද(28) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මීගහතැන්න පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News