වරෙන්තු නිකුත්ව සිටි පාකිස්ථාන ජාතිකයන් 2ක් අත්අඩංගුවට

Share

වලංගු වීසා බලපත්‍ර මත මෙරටට පැමිණ වෙළඳාම් කටයුතුවල නිරතවෙමින් සිටිය දී මුදල් වංචාවක් සම්බන්ධයෙන් විභාග වු නඩුවක වරෙන්තු නිකුත් වී සිටි පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(27) සවස රාජගිරිය නගරයේ දී වැලිකඩ පොලීසියේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 28 සහ 30 යන වයස්වල පසුවන්නන් වෙයි.

සැකකරුවන් අද(28) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News