පිහිණුම් තටාකයක ගිලී පොලිස් සැරයන්වරයෙකු ජිවිතක්ෂයට

Share

පමුණුගම, අලෙන්එගොඩ ප්‍රදේශයේ හෝටලයක පිහිණුම් තටාකයක ගිලීමෙන් පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබෙන බවට වාර්තා වෙයි.

සිය රාජකාරී කටයුතු අවසන් වී පිහිණුම් තටාකයේ දිය නෑමට ගිය අවස්ථාවේ පොලිස් සැරයන්වරයා දියේ ගිලී අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බරපතල තත්ත්වයේ පසු වූ ඔහු පමුණුගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ දුන්ගල්පිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ කටාන, කිඹුලාපිටිය ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්.

පමුණුගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News