බේරුවල සෝදිසි මෙහෙයුමකදී සැකපිට 13ක් අත්අඩංගුවට

Share

බේරුවල පොලිස් බල ප්‍රදේශය තුළ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

යුධ හමුදාව, ගුවන් හමුදාව ඒකාබද්ධව බේරුවල පොලිස් බල ප්‍රදේශය තුළ මෙම සෝදිසි මෙහෙයුම ඊයේ(27) දිනය පුරා පොලිස් නිල සුනඛයින්ගේ සහය ද ලබා ගෙන ක්‍රියාත්මක කර තිබේ.

මෙහිදී නිවාස 630ක් සහ වාහන 54ක් පරික්ෂාවට ලක් කර ඇති බව වාර්තා වෙයි.

මෙම සෝදිසි මෙහෙයුමේදී ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිල ඇදුමට සමාන නිල ඇඳුම් කිහිපයක්, තියුණු ආයුධ සහ තවත් උපකරණ සොයාගෙන තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

Read more

Local News