රට ආර්ථිකමය වශයෙන් පහලට වැටිලා – අර්ජුන

Share

රටේ ජනතාවට අවශ්‍ය වන්නේ මීළඟ ජනපති හෝ අගමැති කවුරුන්ද යන්න නොවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රට මේ මොහොතේ මුහුණදී ඇති අභියෝගය ජයගැනීම සඳහා සියලු මහජන නියෝජිතයින් එක්ව කටයුතු කළ යුතු බවයි.

රට තුළ මතුව ඇති ගැටළු විසදා ගැනීම විසදා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනා එකට එකතුවීය යතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසු අද වන විට රට ආර්ථිකමය වශයෙන් පහලට වැටී ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News