ජනතාව තරහින් බව අපි පිළිගන්නවා

Share

රටේ ආරක්ෂක අංශ කණ්ඩායම් හැඟීමෙන් කටයුතු නොකිරීම හේතුවෙන් ත්‍රස්තවාදී ප්‍රහාරවලට මුහුණ දීමට සිදු වූ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

නුවරඑළිය, කැලේගාල ප්‍ර දේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ත්‍රස්තවාදය වසර 10 ට පෙර අවසන් වුවා යැයි පවසා ඒ ගැන ඇති අවධානම අප අඩු කල යුතු නොවන බවත් පැවසු අමාත්‍යවරයා, තමා සෑම මොහොතකම අමාත්‍යවරයෙක් ලෙස ක්‍රමවේදය ගැන විශ්වාසය තබන බව ද කියා සිටියේය.

ක්‍රමවේදය සඳහා හොඳ පුද්ගලයින් දැමීමට හැකි නම් එය නිරන්තරයෙන් ගංගාවක් සේ ගලා යන බව ද පැවසු අමාත්‍යවරයා, ඒ සඳහා කණ්ඩායම් හැඟීමෙන් වැඩ කල යුතු බව ද පැවසීය.

කණ්ඩායම් හැඟීමක් නැතිව කිසිම දෙයක් ඉෂ්ට කර ගැනීමට නොහැකි බවත් පැවසු අමාත්‍යවරයා, ජනතාවට දේශපාලනඥයින්ට බැනීමට හැකි බවත් එම චෝදනා පිළිගන්නා බවත් ජනතාව මේ වන විට තරහකින් සිටින බවත් කියා සිටියේය.

නමුත් ප්‍රධාන ආරක්ෂක ඒකකය වශයෙන් පොලීසිය, පොලිස්පතිවරයා හා දෙවැනියන් අතර ප්‍රශ්නයක් තියෙනවා නම්, විශේෂයෙන්ම සන්නිවේදන ප්‍රශ්නයක් තියෙනවා නම්, ඉන්න පොලිස්පති අනෙක් අය සමඟ කථා කරන්නේ නැතිනම් එය විශාල ගැටළුවක් බව ද පැවසීය.

Read more

Local News