යළිත් මලාවි රාජ්‍යයේ ජනපති ධූරය පීටර් මුතාරිකාට

Share

මලාවි රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස පීටර් මුතාරිකා නැවත් වරක් තේරී පත්ව තිබේ.

ඒ සියයට තිස් අටයි දශම පහයි හතක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින්.

මලාවි රාජ්‍යයේ මහමැතිවරණය ඉකුත් 21වන දා පැවැත්විය.

එහි ප්‍රතිඵලවලට අනුව ජනාධිපති පීටර් මුතාරිකා සියයට තිස් අටයි දශම පහයි හතක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන පෙරමුණේ පසුවෙයි.

ඒ අනුව දෙවන වරටත් මලාවි රාජ්‍යයේ පාලන බලය හිමිකරගෙන සිටින මුතාරිකා ඉදිරි වර්ෂ පහ සඳහාද ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇති.

78 වන වියේ පසුවන පීටර් මුතාරිකාට පසුගිය මැතිවරණයේදී ප්‍රතිවාදීන් දෙදෙනාගෙන් ප්‍රබල සටනක් එල්ලවූ බව සඳහන් වෙයි.

ජනපති සටනින් දෙවන ස්ථානය හිමිවුණේ සියයට තිස් පහයි දශම හතරයි එකක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගත් ලාසරස් චක්වේරාටයි.

මෙම මැතිවරණයේ ප්‍රතිඵල තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණද පසුව එය ඉවත් කරගෙන තිබුණි.

Read more

Local News