ප්‍රහාර ගැන සොයන්න පත්කළ විශේෂ කාරක සභාව පළමුවරට අද රැස්වෙයි

Share

පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද(29) පළමුවරට රැස්විමට නියමිතයි.

පෙරවරු 09.00 සිට පස්වරු 06.00 දක්වා එම විශේෂ කාරක සභාව රැස්වීමට නියමිතයි.

මාධ්‍යවේදීන් සඳහා ද මෙම කාරක සභාව විවෘත පැවතීම විශේෂත්වයකි.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව මෙන්ම රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කරනු ඇති.

අදාල කරුණු පිළිබඳව විමර්ශනය කිරිමෙන් අනතුරුව එහි අතුරු වාර්තාව සති 02ක් තුළ ඉදිරිපත් කිරිමට නියමිත බවටයි වාර්තා වන්නේ.

Read more

Local News