සංචාරක ක්ෂේත්‍රයේ වැඩසටහන් කීපයකට අනුමැතිය

Share

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් සංචාරක ක්ෂේත්‍රයට එල්ල වු අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

සංචාරක ක්ෂේත්‍රය තුළින් උපයන ආදායම හා එම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා වර්ධනය කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා සංචාරක උපාය මාර්ගික සැලැස්ම 2017-2019 ක්‍රියාත්මකව පැවති කාලය අතරතුර එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් එම අරමුණු ඉටු කර ගැනීම අභියෝගයක්ව ඇත.

ඒ අනුව ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහිත ගෝලීය නියෝජිතායතනයක් මඟින් දින 45ක කාලයක් සඳහා කෙටිකාලීන මහජන සම්බන්ධතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම හා ශ්‍රී ලංකාවේ සංචාරක සන්නාම නාමය යළි ප්‍රචලිත කර ගැනීම සඳහා මාස 6ක කාලයක් පුරා දැන්වීම් ප්‍රචාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

සංචාරක සංවර්ධන වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් මෙම යෝජනා ඉදිරිපත් කර තිබේ.

Read more

Local News