අන්තවාදයට රජය ඉඩ දෙන්නේ නෑ – අමාත්‍ය පී. හැරිසන්

Share

අද (23) පාර්ලිමේන්තුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කළේ,

අවුරුද තිහක යුද්ධයක් තිබුණා. නිලධාරීන් හොයා ගන්න අමාරු වුණා. ජාතිවාදී හැගීම් අවුස්සන්න කතා කරනවා. ජාතික කොඩියට සෑම කෙනෙක් ම ගරු කළ යුතුයි. උතුරේ ජනතාවට මාන්කුලම් පන්සලක් තිබුණා කියලා ජාතික සමඟිය නැති වෙන්නේ නෑ. සියලු ආගම් හොඳ දේ කියා දෙන්නේ. අපි අතීතය අමතක කර අනාගතය දෙසට යන්න නම් එකතු වී කටයුතු කළ යුතුයි. අන්තවාදයට රජය ඉඩ දෙන්නේ නෑ.

මේ රජය ආවාම පළාත් සභාවලට මුදල් ලබාදීමට කටයුතු කර තිබෙනවා. උතුරට අසාධාරණයක් සිදු නොවන ලෙස කටයුතු කරනවා. අධ්‍යාපනයට විප්ලවයක් ඇති කළ යුතු කාලය එළැඹී තිබෙනවා. දරුවන්ට වඩා දෙමව්පියන් ටියුෂන් යනවා. දරුවන්ගේ කැමැත්තට නොවේ අධ්‍යාපන ක්‍රමය හැඩගැසී තිබෙන්නේ. අපිට අනාගතය තිබෙනවා ද කියලා ප්‍රශ්නයක් තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය

Read more

Local News