පාසැල් සංහිඳියාව ගොඩනගන්න නව​ ක්‍රමවේදයක්

Share

පාසැල් අධ්‍යාපන ක්‍රමය තුළ පාසැල් සිසුන් අතර සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව පියවර ගෙන ඇත.

මෙම පියවරෙහි ඉදිරි ක්‍රියාමර්ග ගත යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය හා අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රධානීන්, මහා සංඝරත්නය ඇතුළු ආගමික පුජකවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු ප්‍රභූවරුන් ගේ සහභාගීත්වයෙන් පසුගිය දා පැවැත්වුණි.

මෙම වැඩසටහනෙහි මුලික අරමුණ වුයේ ජාතික සමගිය හා සංහිඳියාව සම්බන්ධ ශිෂ්‍ය වැඩසටහන් ක‍්‍රියාත්මක කරන අධ්‍යාපන අමාත්‍යංශය, සංහිඳියා කාර්යාංශය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන හා විවිධ ආගමික සංවිධාන අධ්‍යාපනික ආයතන නියෝජිතයන්ගේ සැදුම්ලත් පාර්ශවකරුවන් සමග ප‍්‍රස්තුත කාරණය සම්බන්ධ අදහස් හුවමාරු කිරීම සහ සාධනීය එකඟත්වයකට එළඹීමය.

සිංහල, දමිළ, මුස්ලිම් ඇතුළු සියලු ජන කොටස්වලට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ක‍්‍රියාත්මක කරනු ලබන සංහිඳියා වැඩසටහන් සම්බන්ධව ව්‍යුහාත්මක වෙනස්කම් අවශ්‍යවේ ද? වැඩසටහන් අන්තර්ගතය සංවර්ධනාත්මකව කෙසේ සිදුවිය යුතු ද? පාසල් හා ආශ‍්‍රිත ප‍්‍රජාවගේ විශ්වාසය තහවුරු කරගත හැකි ක‍්‍රියාමාර්ග කවරේ ද? ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ආරක්‍ෂාව සම්බන්ධව සෑහීමකට පත්විය හැකි ද? යන කරුණු පිළිබද මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇති අතර පාසැල් සිසුන් අතර තිරසර සාමය හා සංහිඳියාව ගොඩනැගිය හැකි ආකාරයේ නව වැඩසටහනක් කඩිනමින් නිර්මාණය කිරීමට අපේක්ෂිව ඇත.

Read more

Local News