ජනපති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට යයි

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) පෙරවරුවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇත.

විෂය භාර අමාත්‍යවරයා ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය ජනාධිපතිවරයා එහි කටයුතු සොයා බැලීම සිදු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

අනතුරුව ජනාධිපතිවරයා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ ප්‍රගති සමාලෝචන රැස්වීමකට ද එක් විය.

රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන්  ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News