අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ හයකට සමෘද්ධි හිමිකම්

Share

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 06ක් සඳහා සමෘද්ධි හිමිකම් ලබා දීමේ ජාතික උත්සවය අම්පාර, ජී.එච් වීරසිංහ ක්‍රිඩාංගණයේදී අද(30) පැවැත්වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජාතික උත්සවය පැවැත්වීමට නියමිත අතර මෙහිදී පවුල් 6,000කට පමණ අලුතින් සමෘද්ධි හිමිකම් ලබාදීමට නියමිතයි.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම සමෘද්ධි හිමිකම් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බවයි සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා සඳහන් කළේ.

Read more

Local News