ව්‍යාජ නෝට්ටු සමඟ කතුන් දෙදෙනෙක් අත්අඩංගුවට

Share

කොහුවල, ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු තොඟයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

කොහුවල පොලීසියට ලද තොරතරක් මත කොහුවල ප්‍රදේශයේ වෙළඳසැලකදී අදාල කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔවුන් සතුව තිබී රුපියල් 500යේ ව්‍යාජ මුදල් නෝට්ටු 41ක් සොයාගෙන ඇත.

19 හැවිරිදි සහ 20 හැවිරිදි මෙම සැකකාරියන් දෙදෙනා කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්ය.

කොහුවල පොලීසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News