ඒකාබද්ධයට චන්දිමගෙන් චෝදනාවක්

Share

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව එල්ලවන චෝදනා පිළිබඳ විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරය සභාවෙන් ඒකාබද්ධ විපක්ෂය ඉවත් වුයේ වෙනත් අරමුණකින් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා චෝදනා කරයි.

අනුරාධපුරදී ඊයේ(29) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පැවසුවේ ඉදිරියේ දී සිය ආණ්ඩුවකට රිෂාඩ් බදියුදීන් මහතා එක්කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කරන බවයි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව එල්ලවන චෝදනා පිළිබඳ විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරය සභාව සඳහා ශ්‍රී ලංකා නිසහස් පක්ෂයට සහ පොදුජන පෙරමුණ හට ආරාධන කළ බවත් ඔවු එය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ දේශපාන වාසි ලබා ගැනීමේ අරමුණ ඇතිව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News