හම්බන්තොට බෞද්ධ මධ්‍යස්ථානයේ බුදුපිළිම දෙකකට දැඩි හානි

Share

හම්බන්තොට රුවන්පුර උපරතන බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිරිපිට  බුදු මැදුරේ තිබු අඩි තුනක් පමණ උස බුදුපිළිම වහන්සේ දෙනමක් සඳහා ඊයේ (30) සවස කිසියම් අයෙකු විසින් හානි කිරීම සම්බන්ධයෙන් හම්බන්තොට මුලස්ථාන පොලීසිය මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ  කර තිබේ .

අදාළ බුදු කුටියේ තිබූ බුදුපිළිම වහන්සේ දෙනමක් සඳහා  මෙසේ හානි කර තිබෙන බව එම බෞද්ධ මධ්‍යස්ථානයේ  වැඩ වසන හිමියන් විසින්  හම්බන්තොට මුලස්ථාන පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ .

මෙම කටයුක්ත කවුරුන් කුමක් අරමුණු කරගෙන සිදුකල ක්‍රියාවක්ද යන්න මෙතෙක් අනාවරණ කර ගෙන නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ  කර තිබෙන බවත් කළ විමසීමකදී උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය .

එමෙන්ම මේ වනවිට එම ප්‍රදේශයට දැඩි පොලිස් හා හමුදා ආරක්ෂාව යොදවා ඇත.

Read more

Local News