තේරීම් කාරක සභාව වර්ජනය කළ හේතුව මෙන්න

Share

දේශපාලන අරමුණු වලට වඩා ජාතික ආරක්ෂාව වැදගත් බැවින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වර්ජනය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්නවලට පිලිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

තේරීම් කාරක සභාව සියළුම ජනමාධ්‍යට විවෘත්ත කිරිම මගින් මෙරට බුද්ධි අංශ නිළධාරින් සම්බන්ධයෙන් ලොකයේ සිටින සියළුම දෙනාට දැන ගැනීමට හැකි වන බවට මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මෙය එම නිලධාරින්ගේ ජීවිතවලට මෙන්ම අනාගත ආරක්ෂාවටද බලපෑම් එල්ල කර හැකි බව මන්ත්‍රිවරයා පවසයි.

ඕනෑම රටක රාජ්‍ය බුද්ධි අංශ නිලධාරින් පිලිබඳ කිසිඳු හෙළිදරව්වක් සිදු නොවන බවත් ඒ සම්බන්ධයෙන් දැනුවත්වීම් වන්නේ ආරක්ෂ අංශ ප්‍රධානින් බවත් නමුත් ඊයේ මෙරට තෙරීම් කාරක සභාව සියළුම ජනමාධ්‍යට විවෘත්ත කිරිම මගින් ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ නිලදාරින් ගැන හදුනා ගැනීමට හැකි වු බවද මන්ත්‍රීවරයා පවසයි.

මීට පෙර සිදු වු අක්‍රමිකතා සඳහා චෝදනා එල්ලා වී සිටින පිරිස් ජාතික ආරක්ෂාව පිලිබඳ තෙරීම් කාරක සභාවේ සමාජිකයන් වී සිටින විට එම තෙරීම් කාරක සභාව පිලිබඳ ඇති අවම විශ්වාසයද නැති වි යන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News