සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට සිතාසි

Share

සෞඛ්‍ය අමාත්‍යාංශයේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත අතපත්තු මහතාට රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.

ජුනි මස 12 වනදා පස්වරු 01ට ඔහුට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට අයිති නොමැති අතර ඒ සඳහා රජයෙන් මුදල් ගෙවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඊයේ (30) කොමිසම හමුවේදී පිළිගෙන තිබුණි.

මීට අමතරව රජයෙන් මසකට රුපියල් මිලියන 50 කට අධික මුදලක්  මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳහා ගෙවන බව ද රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති කොමිසමේ දී අනාවරණය වුණි.

ඒ අනුව රජයට පවරා නොගත් ආයතනයක් සඳහා රජයේ මුදල් ගෙවීම තුළින් සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට කොමිසම හමුවේ පෙනී සිටින මෙලෙස සිතාසි නිකුත් කර ඇත.

Read more

Local News