හින්දු කොවිලක් අසල මැණික් ගැරූ 5ක් මාට්ටු – ඡායාරූප

Share

හැටන් පොලිස් වසමට අයත් යුනිෆිල්ඩ් වත්තේ හින්දු කොවිලක් අසල විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි වතු කම්කරුවන් පස්දෙනෙක් අද(31) අලුයම අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එම වතුයායේ වතු නිවාසයක සිට භුගතව විදුලි බලය ලබාගෙන විදුලියෙන් ක්‍රියාකරන ජලය ඉසින වතුර මොටරයක්ද යොදාගෙන මෙම මැණික් ගැරිම සිදු කර ඇත.

එම කෝවිල අසල විශාල පරිසර හානියක් සිදු කරමින් මෙම ජාවාරම්කරුවන් පිරිස කාලයක් තිස්සේ එම ස්ථානයේ අනවසරෙන් මැණික් ගැරිම සිදු කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අනවසරෙන් මැණික් ගැරිමට උපයෝගි කර ගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට අයත් යතුරුපැදියක් ද මැණික් ගැරූ ස්ථානයේ තිබි පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read more

Local News