ආණ්ඩුව බුද්ධාගමේ දියුණුවට හා ආරක්ෂාවට පියවර ගණනාවක් ගත්තා – අග්‍රාමාත්‍ය

52

බුදු දහම රැකිය යුතුයි. ධර්මයෙන් බැහැරවීම හා අයුතු ප්‍රයෝජන ගැනීම අපට අනුමත කළ නොහැකියි.මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මෙම ආණ්ඩුව ආරම්භයත් සමග බුද්ධාගමේ දියුණුවට හා ආරක්ෂාවට පියවර ගණනාවක් ගත්තා. ප්‍රථම වරට විහාරස්ථාන 150කට ආධාර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කළා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මොරටුව, ලූනාව රජමහා විහාරයේ පැවති ඇසල මහා රන්දෝලි පෙරහැර උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසී ය. ලූනාව පුරාණ විහාරය විසින් පවත්වන පෙරහැරට මට ආරාධනා කිරීම පිළිබදව ස්වාමීන් වහන්සේලාටත්, දායක සභාවටත් ස්තුතිවන්ත වෙනවා. පළාත් සභා මන්ත්‍රීතුමා සඳහන් කළ පරිදි ලූනාව පුරාණ විහාරය අවුරුදු 200ක පමණ ඉතිහාසයකට හිමිකම් කියන විහාරස්ථානයක්. මෙම විහාරය මීට පෙර පැවතියේ වෙනත් ස්ථානයක. පෘතුගීසි පාලනයත් සමඟ සමහර වෙහෙර විහාර නටබුන් බවට පත්වුණා. යලි එම විහාර ඉදිකිරීම් ඇරඹුනේ ඕලන්ද පාලන කාලයේ අවසාන භාගයේදී. කෝට්ටේ යුගයේ අලකේෂ්වර රජ සමයේ හා හයවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ සිට මේ ප්‍රදේශවල ජනතාව ජීවත්වුණා. ඒ වගේම වෙහෙර විහාර තිබුණා. සියලූ සිරිත් විරිත්වලට අනුව දේවාල හා පෙරහැර පැවැත්වීම කෝට්ටේ යුගයේ සිට අද දක්වා පැවත එනවා. මොරටුව පුරාණ ගම්මානයක්. අප දන්නා ආකාරයට පෘතුගීසි කාලය හා කෝට්ටේ යුගය දක්වා එයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. එම කාලයේ සිට ක්‍රමක්‍රමයෙන් දියුණු වෙමින් මෙම ප්‍රදේශයේ වෙහෙර විහාර පැවත එනවා. ලූනාව දේවාලයට රට පුරා විශේෂ ප්‍රසිද්ධියක් ලැබී තිබෙනවා. මගේ අම්මාත් මෙම විහාරය හා දේවාලය ගැන කතා කරලා තිබෙනවා. විශේෂයෙන්ම සෑම අවුරුද්දක් පාසාම මෙම පෙරහැර පැවැත්වීම සංවිධාන කිරීම පිළිබඳ මම මෙම විහාරයේ දායක සභාවට ස්තඣති කරනවා. මෙවර පෙරහැර පැවැත්වුණේ 72 වන වරටයි. විහාරය ප්‍රසිද්ධ වීමට පෙර සිටම මෙහි පෙරහැර පවත්වා තිබෙනවා. හාස්කම් තිබෙන විහාරස්ථානයක් වශයෙන් මෙහි විශේෂ බලයක් තිබෙනවා. සෑම දේවාලයකටම හෝ සෑම විහාරයකටම එම බලය නැහැ. ඒ නිසා අපි මෙවැනි ස්ථාන ආරක්ෂා කළ යුතු අතර සංවර්ධනය කළ යුතුයි. මෙය අපේ බුදු දහමේ ද කොටසක්. බුදු දහම රැකිය යුතුයි. ධර්මයෙන් බැහැරවීම හා අයුතු ප්‍රයෝජන ගැනීම අපට අනුමත කළ නොහැකියි. එසේම ඕනෑම ආගමකට අයත් චාරිත්‍ර තිබෙනවා. බුද්ධාගම, හින්දු, ක්‍රිස්තියානි, ආගම්වලට වෙන වෙනම චාරිත්‍ර තිබෙනවා. නමුත් ඒවා අප රටට විශේෂයි. ලංකාවේ බෞද්ධ විහාරවල තිබෙන චාරිත්‍ර තායිලන්තයේ හෝ මියෙන්මාරයේ දී අපට දකින්න ලැබෙන්නේ නෑ. ඉන්දියාවෙන් පැමිණි සංස්කෘතිය ද සමග අප දියුණු වී තිබෙනවා. අප අටේ හින්දු හා ක්‍රිස්තියානි ආගමිවල සමහර චාරිත්‍ර ද ඉන්දියාවේදී හෝ වෙනත් රටකදී දකින්න ලැබෙන්නේ නෑ. ඒ නිසා අපි මෙම චාරිත්‍ර ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම සිදු කළ යුතුයි. අප රටේ පවතින ථෙරවාදි බුදු දහම ආරක්ෂා කළ නිසා එය අපට අග්නිදිග ආසියාවට රැගෙන යාමට හැකි වුණා තායිලන්තයෙන්, කාම්බෝජයෙන්, මියන්මාරයෙන්, බුරුමයෙන් ප්‍රථම වරට ස්වාමීන් වහන්සේලා පැමිණියේ දිව්ුලාගලට. ඉන් පසු කෝට්ටේ යුගයේදීත් පැමිණියා. කැළණියේ වනරතන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රධාන උපසම්පදාව ඓතිහාසිකයි. තායිලන්තයේ ද මේ පිළිබද සදහන් කරලා තිබෙනවා. මෙම චාරිත්‍ර ආරක්ෂා කිරීමට හා දියුණු කිරීමට අප ආණ්ඩුව සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මෙම ආණ්ඩුව ආරම්භයත් සමග බුද්ධාගමේ දියුණුවට හා ආරක්ෂාවට පියවර ගණනාවක් ගත්තා. විශේෂයෙන් ඊයේ දිනයේදී අප ප්‍රථම වරට විහාරස්ථාන 150කට ආධාර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කළා. අප රටේ තිබෙන පුරාණ විහාර හා රජමහා විහාර, ඉතිහාසයේ කොටසක්. එම පූජනීය ස්ථානවලින් සමහර විහාරස්ථාන සදහා ආදායමක් ලැබෙන්නේ නෑ. ඒ නිසා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් අප එම විහාරස්ථානවලට ආධාර ලබා දුන්නා. සමහර විහාරස්ථානවල බිතුසිතුවම්වලට හානි වී ඇති බව ඒ පිළිබද වාර්තා කියවීමෙන් මම දැනගත්තා. ගොඩනැගිලි දිරාපත් වී තිබෙනවා. තවදුරටත් එවැනි විහාරස්ථාන හදුනාගෙන අපගේ මෙම වැඩසටහන යටතේ ඉදිරි වසර 3,4 තුලදී ආධාර ලබාදීමට බලාපොරොත්තු වෙනවා. මෙම වැඩපිළිවෙල යටතේ විහාරස්ථාන 1000කට පමණ උදව් උපකාර කළ හැකි බව එහිදී අකිල විරාජ් අමාත්‍යවරයා සදහන් කළා. එමෙන්ම ප්‍රේමදාස ජනාධිපතිතුමා දළදා වහන්සේ වෙනුවෙන් ඉදි කළ ඉතා අලංකාර රන්වියන, අලූත්වැඩියා කිරීමට අප තීරණය කළා. දළදා මාලිගාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයත් සමග එම රන්වියනට හානි සිදුවුණා. එවකට අගමැතිවරයා වශයෙන් මම එය අළුත්වැඩියාව සදහා මුදල් ලබා දුන්නා. අපි යලිත් වරක් එම රන් වියන අලූත් වැඩියාවට මුදල් ලබා දෙනවා. එහිදි විවිධ ප්‍රශ්න මතුවී තිබෙනවා. ඒ නිසා නිවැරදි උපදෙස් ලබා ගෙන රන්වියන අලූත්වැඩියා කොට ආරක්ෂා කිරීමට අප තීරණය කළා. රන්වියනත් සමග දළදා මාලිගාවට ලොව පුරා වැඩි ප්‍රසිද්ධියක් ලැබුණා. මීට අමතරව අපි තවත් වැඩපිළිවෙලක් ආරම්භ කළා. ථෙරවාදී බුදුදහමේ ආරම්භය මහා විහාරය. ලංකාවේ සෑම විහාරස්ථානයකම ඉතිහාසය පැවත එන්නේ මහා විහාරයෙන්. එමෙන්ම තායිලන්තය මියන්මාරය, කාම්බෝජය, ලාඕසය හා දකුණු වියට්නාමය ද ථෙරවාදි බුදු දහම පැතිර ගියේ මහා විහාරයෙන්. සමහර අය එය හැදින්වූයේ &ඣුඔට්;මහා විහාර බුද්ධාගම&ඣුඔට්; &ඣුඔට්;සිංහල බුද්ධාගම&ඣුඔට්; ආදි වශයෙන්. මහා විහාරය නිසා ථෙරවාදි බුදුදහම සුරැකුනා. නමුත් එක් එක් කාලවලදි මහා විහාරයට ප්‍රශ්න මතු වුණා. වෛයිතුල්‍යවාදීන්ගෙන් ද ප්‍රශ්න මතුවුණා. ඉතිං 2003 මහා විහාරය ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙල මම ආරම්භ කළත් එය අක්‍රිය වුණා. ඒ නිසා අප මහා විහාරය ආරක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කළ යුතු බව මම අකිල විරාජ් ඇමතිතුමාට සදහන් කරා. ඒ සදහා මුදල් ලබා දියයුතුයි. රුවන්වැලි සෑයේ නායක ස්වාමීන් වහන්සේ එහි සංඝ නිවාසය එම ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයක ඉදිකිරීමට එකඟවුණා. අපි උන් වහන්සේට ඒ පිළිබද ගෞරවයෙන් ස්තුතිය පළ කරනවා. අපි ඒ සදහා මුදල් ලබා දෙනවා. ඊළඟට අදාල ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කළයුතුයි. විශේෂයෙන් සංස්කෘතික ත්‍රිකෝණයේ අධ්‍යක්‍ෂ ජනරාල් ගුණවර්ධන මැතිතුමා හා එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සමග සාකච්ඡා කළා. ඊට අමතරව කපිල වස්තුපුරයේ ලූම්බිනියේ මාහාදේවි විහාරය ඉස්මතු කළ මහාචාර්ය කොනින්ග් මැතිතුමාත් දැන් ලංකාවේ ඉන්නවා. එතුමාද එම වැඩකටයුතු ආරම්භ කරන ලෙස පැවසුවා. මෙම වැඩපිළිවෙලත් සමග ඉදිරි දශකයේදී මහාවිහාරය පිළිබද මීට වඩා අවබෝධයක් බෞද්ධයන්ට මෙන්ම බෞද්ධ නොවන අයටත් ලැබෙනවා. ඒ වගේම කපිලවස්තු පුරයේත්. ලූම්බිනියේත් වැඩකටයුතු පිළිබදව මහාචාර්ය කොනින්ග් මැතිතුමා මා සමග පැවසුවා. ඒ අනුව ලෝක උරුම සිද්ධස්ථාන අතරට එම ස්ථානය ද ඇතුලත් කරන ලෙසට යුනෙස්කෝ සංවිධානයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා. නේපාලය ද මෙම වැඩකටයුතුවලට අවධානය යොමුකර තිබෙනවා. අපද බුදු රජාණන් වහන්සේ උපන් බිම හා ජීවත් වූ භුමිය සංරක්ෂණයට ආධාර උපකාර කරමු. දැනට ජපානය පමණයි ආධාර ලබා දෙන්නේ. මම ජනාධිපතිතුමා සමග මේ පිළිබදව සාකච්ඡා කළා. ඉන්පසු 2018 – 2019 වසර දෙක සදහා අප ඩොලර් ලක්ෂ 10ක් එනම් රුපියල් කෝටි 15ක් ලබාදෙන බව ඔවුන්ට දැනුම් දුන්නා. එය ඉතා විශාල මුදලක්. එහිදි මම එක් ඉල්ලීමක් කළා. එනම් අපේ සංස්කෘතික අරමුදල සමග ජනතාව ඒකට සම්බන්ධ කරන ලෙසයි. ඉතිං මේ ආකාරයට බුදු දහම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අප කටයුතු කරන බව කිව යුතුයි.