නිකවැරටිය ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයේ සිව් මහල් ගොඩනැගිල්ලට ජනපති මුල් ගල තබයි

Share

“ළගම පාසල – හොදම පාසල” වැඩසටහන යටතේ නිකවැරටිය ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයේ රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක වියදමින් ඉදිකෙරෙන සිව් මහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (24) පෙරවරුවේ සිදු විය.
විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර ජනාධිපතිතුමා පැමිණෙන මග දෙපස රැදී සිටිමින් ඉතා උණුසුම් ප්‍රතිචාර පළ කළහ.
විද්‍යාලයේ පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත් බී.එම්. තියුමි තසංගා සිසුවියට සහ බී.එම්. අමන්ද බස්නායක සිසුවාට තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

Read more

Local News