මල් වගාව දියුණු කිරීමට, මල්වගාකරුවන් හඳුනාගෙන අපනයනය තුළින් ආදායම ලබාගැනීමට වැඩපිළිවෙලක්

Share

මල් වගාව දියුණු කිරීමට, මල්වගාකරුවන් හඳුනාගෙන අපනයනය තුළින් ආදායම ලබාගැනීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී ජයසේන මහත්මිය පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවදයේ අඳහස් දක්වමිනි.

පොල් මිල ඉහළ ගිහිල්ලා තිබෙනවා. දේශගුණික හේතු බලපා තිබෙනවා. අලි 200ක් පමණ මිනිසුන්ගේ ක්‍රියාවන් නිසා මිය යනවා. නිල හරිත අයවැයෙන් අපේ රටා විශාල වගකීමක් පවරා තිබෙනවා. තිරසර සංවර්ධන ඉලක්ක 17 වෙනුවෙන් මුදල් අමාත්‍යාංශවලට වෙන් කර තිබෙනවා. තිරසර සංවර්ධනයට යනවිට සමබර සංවර්ධනයක් කිරීමෙන් පමණයි කළ හැක්කේ. මොණරාගල දී අලි 10ක් අල්ලා සංරක්ෂණ මධ්‍යස්ථානයට දැම්මා. මල්වගාකරුවන් හඳුනාගෙන මල් වගාව දියුණු කිරීමට, මල් අපනයනය තුළින් ආදායම ලබගැනීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරවනවා. මේ වැඩපිළිවෙල දිවයින පුරා ක්‍රියාත්මක කරනවා.

Read more

Local News