මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කළ 14 දෙනා යළි රිමාන්ඩ්

Share

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 14 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් අද(13) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 27 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

සිද්ධියට අදාළව මීට පෙර සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප‍්‍රශ්න කරමින් සිටින සැකකරුවන් 15 දෙනෙකු මහෙස්ත‍්‍රාත් නිරික්ෂණය වෙනුවෙන් මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සිටි අතර ඔවුන් සියලූ දෙනා නැවත සැප්තැම්බර් 12 වැනිදා මහෙස්ත‍්‍රාත් නිරික්ෂණය වෙනුවෙන් යොමු කරන ලෙසද නියෝග නිකුත් කරනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු මාවනැල්ල පොලිසිය මගින් අද අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු හස්බුල්ලා ඛාන් හමීඩ් අහමඩ් නමැති 24 හැවිරිදි අයෙකු විය.

ඔහු ද ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධීකරණය නියෝග කර තිබේ.

Read more

Local News