ජනපති අතින් මහනුවර ගෝල්ඩන් ක්‍රවුන් හෝටලය විවෘත කෙරේ

Share

ඓතිහාසික මහනුවර පුරවරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් මහනුවර, අංපිටිය ප්‍රදේශයේ ඉදිකෙරුණු, ගෝල්ඩන් ක්‍රවුන්, හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගියදා විවෘත කෙරිණි. පරිසර හිතකාමී අන්දමින් ඉදිකර තිඛෙන මෙම සුඛෝපබෝගී හෝටලය කාමර 90 කින් පමණ සමන්විතය.

සමරු ඵලකය නිරාවරණය කර හෝටලය විවෘත කළ ජනාධිපතිවරයා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

අමාත්‍ය එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුථ ආරාධිත පිරිසක් ද ගෝල්ඩන් ක්‍රවුන් හෝටලයේ සභාපති ශිරයානන්ද විජේකෝන්, කළමනාකාර අධ්‍යක්ෂ චානුක විජේකෝන්, මූල්‍ය අධ්‍යක්ෂ හංසිනි විජේකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News