බාලි ගිනි කන්ද පුපුරා යාමට ආසන්නයි , ගුවන් ගමන් වලට රතු නිවේදනයක් !

Share

ඉන්දුනීසියාවේ, බාලි දූපත්වල පිහිටි අගුන්ග් ගිනි කන්ද සක්‍රීය වෙමින් ඝන දුමාරයක් විහිදීම හේතුවෙන් එම කලාපයෙන් ගමන් කරන ගුවන් යානාවලට රතු අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.  දැනට අඩි 13,000ක් උසට විසිරි ඇති දුමාරය නිසා ගිනි කන්ද ආසන්නයේ ජීවත්වන ජනතාව 75,000ක් මේවන විටත් ආරක්‍ෂිත කඳවුරු වෙත යොමුකිරීමට එරට බලදරින් කටයුතු යොදා ඇත මෙම කන්ද මීට ප්‍රථමයෙන් පුපුරා ගියේ 1963 වසරේ වන අතර එහිදී පුද්ගලයන් 1600ක් පමණ ජිවිතක්ෂයට පත්වූ වගත් වාර්තා වනවා.

siyatha news

මෙම සතිය තුළ මෙම ගිනි කන්දෙන් මෙවැනි දැවැන්ත දුමාරයක් පිටවූ දෙවැනි අවස්ථාව මෙය බව බලධාරීහු පවසති. ගිනි කඳුවලින් පිටවන මෙම දුමාරය ගුවන් යානාවල එන්ජිමට බලපෑම් සිදුකළ හැකි බව කියැවේ.

බාලි දූපත යනු සංචාරක පාරාදීසයක් ලෙස සැලකෙන පෙදෙසකි. එහි ප්‍රධාන ගුවන් තොටුපොළ මේ දක්වා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුවත් ඇතැම් ගුවන් සමාගම් තම ගුවන් ගමන් මේ වනවිට අවලංගු කර ඇති බව වාර්තා වෙයි.

Read more

Local News