වැලිකන්දේ අනතුර සිදුකළ වෑන් රථ රියදුරු රිමාන්ඩ්

Share

මඩකළපුව-පොලොන්නරුව මාර්ගයේ, වැලිකන්ද ප්‍රදේශයේදී අද(19) අළුයම 01.45ට පමණ සිදු වූ අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

පුද්ගලයින් 05 දෙනෙකුට මරු කැඳවමින් අද අළුයම සිදු වූ මෙම රිය අනතුරට අදාළව අත්අඩංගුවට ගත් වෑන් රථ රියදුරු ජූලි 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

මෙම අනතුරට වෑන් රථ රියදුරාගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වන්නට ඇති බවට සැක කෙරෙන අතර අත්අඩංගුවට ගත් ඔහු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළේය.

මෙම අනතුරින් තවත් 12 දෙනෙකු තුවාල ලබා පොලොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මනම්පිටිය දෙස සිට වැලිකන්ද දෙසට ධාවනය කරමින් තිබූ අත්ට්‍රැක්ටරයක කාත්තන්කුඩිය බලා ධාවනය කළ වෑන් රථයක් ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.

Read more

Local News