උතුරේ මාර්ග බාධක වැඩි කිරිමට හේතුව මෙන්න

Share

උතුරු පළාතේ මාර්ග බාධක රැසක් ස්ථානගත කිරීමට හේතු වී ඇත්තේ ප්‍රදේශයන්හි පවතින අරාජිකත්වය බවට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

උතුරු ආණ්ඩුකාරවරයා මේ පවසා සිටියේ ජාත්‍යන්තර යෝග දිනයට සමගාමීව උතුරු පළාත් වැඩසටහන යාපනය වෙම්බඩි උසස් බාලිකා පාසලේදී ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සංවිධාන කරනු ලැබු අවස්ථාවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උතුරු ආණ්ඩුකාරතුමන් කියා සිටියේ,

අපේ සමාජය දෙස අපි බැලූවිට මූලික කරුණු තුනක් ඔස්සේ එම සමාජයේ සැබෑ ස්වභාවය අපිට වටහා ගන්නට පුළුවන් පළමුවැන්න තමයි එකී සමාජය පොදු අවකාශ භාවිත කරන ආකාරය

උදාහරණයක් හැටියට මාර්ග බාධක වැඩිම ප‍්‍රමාණයක් තිබෙන පළාත් තුනෙන් එකක් තමයි උතුරු පළාත කියන්න පුළුවන්. ඊට ප‍්‍රධාන හේතුව තමයි අරාජිකත්වය දෙවැන්න පවිත‍්‍රත්වය ප‍්‍රජාවක් තම සමාජයේ පිරිසිදුකම පවත්වාගෙන යාමට ප‍්‍රධාන හේතුව වන්නේ එම ප‍්‍රජාවේ මනෝභාවයයි. උතුරු පළාත ගත්තම පිරිසිදුකම පවත්වාගෙන යන්නේ අප ශිෂ්ඨාචාරයට පටහැණි ආකාරයෙන් එය ශිෂ්ට සම්පන්න කිරීමට අපි නගරාධිපතිතුමා සමඟ එකට වැඩ කළ යුතුයි.

තුන්වැන්න තමයි අධ්‍යාත්මය සමාජයක අත්තිවාරම ශක්තිමත් වීමට එම සමාජයේ අධ්‍යාත්මය ඉතා වැදගත් සාධකයක්.  ඒ නිසා අද මේ වැඩසටහන මා දකින්නේ, අපගේ සමාජයට, ඔබට සහ මට යන කොට්ඨාස තුනටම, අපගේ සමාජය නිවැරදි දිශාවකට යොමු කිරීමට ලැබුණු  සුදුසුම මාර්ගය හැටියටයි යනුවෙන් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News