ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්න මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

Share

ප්‍රවීණ ගායන ශිල්පිනී අභාවප්‍රාප්ත ඉන්ද්‍රානි සේනාරත්න මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමය සඳහන් කළේ, බොරැල්ල පෞද්ගලික මල් ශාලාවකදී පස්වරු 3.00 දක්වා දේහයට මහජන ගෞරව දැක්විය හැකි බව ය.

ඉන්ද්‍රානි සේනාරත්න මහත්මිය ගායන ලෝකයට අවතීර්ණ වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ළමා පිටිය වැඩසටහනෙනි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව සිනමා පටයේ පසුබිම් ගායනා හරහා ගීත ලෝකයේ සිය අනන්‍යතාව සනිටුහන් කළ ඇය, හෙළ කලා කෙතට ගීත රැසක් දායාද කළා ය.

ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සිසිර සේනාරත්නයන්ගේ ආදරණීය බිරිඳ වෙමින්, සිසින්ද්‍රා යුවළ ගායනා කළ යුග ගීතාවලිය අදටත් ජන ප්‍රසාදිත ය.

සිය ජීවන ගමනේ 83 වන කඩඉම පසු කරමින් සිටියදී පසුගිය 23 වන දා කොළඹ ජාතික රෝහලේදී ඇය අවසන් හුස්ම හෙළන්නේ 56 වන සිනමා විප්ලවයේ තවත් රිදී රේඛාවක් මකා දමමිනි.

Read more

Local News