දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක්

Share

අද සහ හෙට දිනයන්හි දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයින හරහා (විශේෂයෙන් ඌව, උතුරු-මැද සහ වයඹ පළාත් වලත් මාතලේ, ත්‍රිකුණාමලය, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්) තරමක තද සුළං සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තද සුළං බලාපොරොත්තු වේ. සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේත් හම්බන්තොට සහ යාපනය දිස්ත්‍රික්ක වලත් වැසි වාර කීපයක් ඇතිවිය හැක. දිවයිනේ නිරිතදිග ප්‍රදේශ‍යේ (විශේෂයෙන් සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්) ඇතැම් ස්ථානවල (මි.මි.75 පමණ) තරමක තද වැසි ද බලාපොරොත්තු විය හැක.

Read more

Local News