නැව් ක්ෂේත්‍රයට ජාතික සැලැස්මක් – අමාත්‍ය මහින්ද සමරසිංහ

Share

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවැත්ම තිබෙන්නේ නැඟෙනහිර පර්යන්තය ආරම්භ කිරීමෙන් පමණක් බවත් 2017 රුපියල්  බිලියන 11ක් වරාය අධිකාරිය ලාභ ලබා තිබෙන බවත් ජයබහලු පර්යන්තයේ පස්වැනි අදියර ආරම්භ කෙරෙන බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. ඒ අද (28) පාර්ලිමේන්තුවේ දී වරාය හා නාවික කටයුතු වැයශීර්ෂ විවාදයට එක්වෙමිනි.

 

වරාය ක්ෂේත්‍රයේ හොඳ ප්‍රගතියක් වාර්තා කරගන්න හැකි වී තිබෙනවා. ප්‍රමාද වූ යෝජන ගණනාවකට ප්‍රමුඛතාවය දී ක්‍රියාත්මක කරන්න පියවර ගෙන තිබෙනවා.

 

අභියෝග අතරින් ප්‍රධාන අභියෝගය,ාහම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳව. රාමුගත සැලැස්මෙන් පිට නොයා සාකච්ඡා ආරම්භ කළා. මාස දෙකක් තුළ හකියාව ලැබුණා, රජයටත් රටටත් අයහපත් නොවන, වාසිදායක ගිවිසුමකට එන්න. කැබිනට් මණ්ඩලයේ අනුමතිය ලැබුණා. පසුගිය රජය විශාල මුදලක් වාණිජ ණය ලෙස අරගෙන වරාය හදලා තියෙන්නේ. වරාය අධිකාරිය ලබන ලාභයෙන් බිලියන 10ක් හම්බන්තොට වරායේ ණය පියවන්න සිදු වුණා. මේ වසරේ ණය බිලියන 12ක් දක්වා වැඩි වෙනවා.

 

2017 රුපියල් බිලියන 11ක් වරාය අධිකාරිය ලාභ ලබා තිබෙනවා. ජයබහලු පර්යන්තයේ පස්වැනි අදියර ආරම්භ වෙනවා. තවත් පුළුල් කළාම නැව් දෙකක් එක වර සේවා සපයන්න පුළුවන්. හරිත ක්‍රමයක් පදනම් කරගෙන නවීන ක්‍රමයට යන්න බලපොරොත්තු වෙනවා. නැඟෙනහිර පර්යන්තය, වරාය අධිකාරිය සතුව තිබිය යුතු බව ජනාධිපතිතුමා කිව්වා.

 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවැත්ම තිබෙන්නේ නැඟෙනහිර පර්යන්තය ආරම්භ කිරීමෙන් පමණයි. කැබිනට් මණ්ඩලය අනුමැතියෙන් සංවර්ධන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. බටහිර හා උතුරු කොටස සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා.

 

ත්‍රීකුණාමලය වරාය සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ කළ හැකි නම් සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කරන්න පුළුවන්. ත්‍රිකුණාමලය වරයේ විශාල සංවර්ධනයකට යන්න සැලැස්මක් හදාගෙන යනවා. අපට තිරසාර වැඩපිළිවෙලකට යා
හැකියි. දේශීය ව්‍යාපාරිකයන් ගෙදර යවන්න සූදානම් නෑ. මේ වනවිට ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරලා, ක්ෂේත්‍රයේ අය සමඟ කතා කර තිබෙනවා. විවෘත කළාම බලන්න පුළුවන් ආයෝජන ගේනවද කියලා. කොන්දේසියක් දානවානම් ආයෝජනය මෙපමණයි කියලා. මට අනුමතිය දෙන්න පුළුවන්. මේ ගැන සළකා බලන්න කියා පවසනවා ජාතික සැලස්මක් නැව් ක්ෂේත්‍රයේ හදන්න වැඩපිළිවෙලක් සකස් කරන්න කටයුතු කරන බවත් පනත් කෙටුම්පත් සංශෝධනය කරන්න කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැය ශීර්ෂයේ අඳහස් දක්වමින් පැවසී ය.

Read more

Local News