කාන්තාවන් ආරක්ෂා කිරීම හා ප‍්‍රචණ්ඩත්වය වැලැක්වීමට උපරිම කි‍්‍රයාමාර්ග ගන්නවා – තලතා අතුකෝරළ මහත්මිය

Share

කාන්තාවන් හා ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නීති ආධාර කොමිෂන් සභාව කැපවීමෙන් කටයුතු කිරීම ඉතාමත් අගය කරන බවත් ඉදිරියේදී කාන්තාවන් හා ළමයින්ට එරෙහිව සිදුවන ප‍්‍රචණ්ඩත්වය වැලැක්වීම උදෙසා අධිකරණ අමාත්‍යංශය හරහා දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

නොවැම්බර් මස 25 වෙනිදට යෙදෙන කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් පළමු සුදු රිබන් පටිය ඇමතිනියට‍ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (27) පළදවන ලදී. ඒ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

1919 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වශයෙන් සෑම වර්ෂයකම නොවැම්බර් 25 වෙනිදා මෙම දිනය සමරන අතර මේ සඳහා ලෝක වැසියාගේ අවධානය පිණිස රටවල් රැසක් විවිධ ව්‍යාපාර කි‍්‍රයාත්මක කරනු ලබයි.

කාන්තාවන්ට මෙරට තුළදී සිදුවන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධයෙන් හා දරුවන් මෙන්ම අසාධාරණයට පහසුවෙන් ලක්වන පුද්ගලයන් වෙනුවෙන් නීති ආධාර කොමිෂන් සභාව කටයුතු කරයි. මෙහි ශාඛා 82ක් හරහා මෙම වැඩසටහන මගින් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, අමාත්‍යංශ, තානාපති කාර්යාල, පොලිස් නිළධාරීන් දැනුවත් කිරීම් සිදුකරන බවත් නීති ආධාර කොමිෂන් සභාවේ සාමාජික නිළධාරිනියක් මෙහිදී පැවසුවාය.

මෙම අවස්ථාවේදී ළමා හා කාන්තා කටයුතු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මියටද සුදු රිබන් පටියක් පළදවන අතර නීති ආධාර කොමිෂන් සභාවේ නිළධාරිනියන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට එක්වූහ.

Read more

Local News