දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නංවීමට කටයුතු කරන අතර දියර කිරි ප්‍රචලිත කිරීමට කටයුතු කරනවා

Share

අද (29) පාර්ලිමේන්තුවේ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී හැරිසන් මහතා පැවසුවේ,

බන්දුල ගුනවර්ධන මහතාට එදා දෙන්න තිබුණේ මුදල් ඇමැතිකමයි. පශු සම්පත් මණ්ඩලයට ගැටළු තිබුණා. පොදු පහසුකම් අපට තිබුණෙ නෑ. ගොවිපළවල් දියුණු කිරීමේ ගැටළු තිබුණා. අපිට ගොවිපළවල් ලාභදායි මට්ටමට ගෙන්න හැකි වුණා. කිරි නිෂ්පාදනය වැඩි කිරීමට වැඩපිලෛවෙලක් ක්‍රියාත්මක වෙනවා. සත්ත්ව නිෂ්පාදනයට අවශ්‍ය කිරි ගවයන් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

පොල් ත්‍රිකෝණය ආශ්‍රිත ප්‍රදේශවල, සහනදායි මිලට පොල් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. රජය හැටියට ජනතාවට සහනයක් ලෙස රුපියල් 65ට පොල් ලබාදීමට පශු සම්පත් මණ්ඩලය මඟින් සිදු වෙනවා.

කුකුළ් ගොවිපල හිමියන්ට ශක්තිය ලබාදී තිබෙනවා. පැටව් හා බිත්තර ලබාදීම සිදු කරනවා. මිල්කෝ ආයතනය කිරිවලට හොඳ මිලක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. ලෝක වෙලඳපොලේ කිරිපිටි මෙ.ටොන් එකක් තිබ්බේ ඩොලර් 2800ටයි. මෙවර 3800 මට්ටමට ගියා. නැවත වරක් ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල අඩු වෙමින් යනවා. බදු අයකිරීමට මුදල් අමාත්‍යාංශයට යෝජනා කර තිබෙන්නේ. අපේ රටේ නිෂ්පාදනය තියෙන්නේ සියයට13 ක් 14ක් තියෙන්නේ. ඉදිරියට පියවර ගන්නේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නංවීමට කටයුතු කරන් අතර දියර කිරි ප්‍රචලිත කිරීමට කටයුතු කරනවා.

දිනකට ලක්ෂ හතරකට පාසල් දරුවන්ට දියර කිරි ලබාදීමේ වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. අනුරාධපුරයේ තණපිටිවලට එදා මොකද කළේ? එදා පාක්ෂිකයන්ට බෙදා දුන්නා. මිල්කෝ ආයතනය කිරි හැලීමේ වැඩපිලිවෙලක නෑ. අපි මේ රටේ කිරි අතිරික්කතයක් ඇති නොවන ලෙස කිරි ගොවියට බයක් වීමට දෙයක් නෑ යයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News