අාවා කල්ලියේ ප්‍රබල සාමාජිකයෙකු අත්අඩංගුවට

Share

අාවා කල්ලියේ ප්‍රබල සාමාජිකයෙකු බවට සැකකරන 17 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (28දා) යාපනය කොකුවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය කියයි.

සැකකරු සන්තකයේ තිබු තියුණු අායුධයක් ද පොලීසිය භාරයට ගෙන අැත. අත්අඩංගුවට ගත් සැකකරු යාපනය කෝපායි හා මනීපායි ප්‍රදේශවලදී පසුගිය දිනයන්හි සිදු කරන ලද පහරදීම් හා මංකොල්ලයන් කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සැකකරුවෙකු බවද යාපනය පොලීසිය වැඩිදුරටත් පවසා සිටියේය.

 

Read more

Local News