උ/පෙළ විභාගය ලබන මස 05 වැනිදා අරඹයි

Share

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 05 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යස්ථාන 2678 කදී විභාගය ලබන මස 31 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

විභාගයට පෙනී සිටින සමස්ත අයඳුම්කරුවන් සංඛ්‍යාව 337, 704කි.

ඒ අතුරින් පැරණි නිර්දේශය යටතේ අයදුම්කරුවන් 139 ,475 දෙනෙකු විභාගයට පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පුජිත මහතා සඳහන් කළේ ය.

නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව 198 , 229කි.

අපේක්ෂකයින්ට විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඉදිරි සති දෙක ඇතුළත සිදු කරන බව ද ඔහු පැවසී ය.

Read more

Local News