ජනපති සෝල් නුවර පිහිටි රණවිරු ස්මාරකය වෙත

Share

දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මැතිතුමාගේ ආරාධනය පරිදි එහි තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (29) පෙරවරුවේ සෝල් නුවර පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.
මව්බිම වෙනුවෙන් දිවි පුද කළ දකුණු කොරියානු සොල්දාදුවන් සිහිපත් කරමින් සෝල් නුවර ජාතික සුසාන භූමියේ මෙම රණවිරු ස්මාරකය ස්ථාපිත කර තිබේ. එම පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා එහි පාලක An Suhyun මහතා ඇතුළු පිරිසක් විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.
හමුදා උත්තමාචාර මධ්‍යයේ රණවිරු ස්මාරකය අභිමුව මල් කළඹක් තැන්පත් කර ඊට පුෂ්පෝපහාර දැක්වු ජනාධිපතිතුමා එහි නිරන්තරයෙන් දැල්වෙන පහනට සුවද ධූප එක් කළේය. අනතුරුව විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

Read more

Local News