දේශපාලනික වෙනසක් ඇති කර තිබෙනවා – නිදහස ආර්ථික නිදහසකට පරිවර්ථනය කළ යුතුයි

Share

මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද (29) පාර්ලිමේන්තුවේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසුවේ,

දේශපාලනික වෙනසක් ඇති කර තිබෙනවා. නිදහස ආර්ථික නිදහසකට පරිවර්ථනය කරන්න ඕන. රජය තුළ යැපෙන සමාජයක් හැදීම හොඳ දෙයක් නොවෙයි.

හැම පුරවැසියෙක් ම අභිමානයෙන් ජීවත්විය යුතුයි. එදා ලැයිස්තුවෙන් රැකියාවට පත් කළා. හැකියාවට රැකියාවක් ලබාදිය යුතුයි. අධ්‍යාපනයට මුදල් ක්‍රමයෙන් වැඩි කළ යුතුයි. ගුණවත් අධ්‍යාපනයක් සෑම සිසුවෙකුටම ලබාදිය යුතුයි. කෝටි 50 ව්‍යාපාර ආරෂණයට යොද තිබෙනවා. කුඩා හා සුළු පරිමාණ ව්‍යාපාරිකයන් 2000ක් ජාත්‍යන්තර වෙළඳපොළට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. කාන්තා ව්‍යවසායකත්වයට කටයුතු කර තිබෙනවා. අපි මේ දේවල් කළේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමටයි.

ලක්ෂ තුනකට වඩා අලුත් රැකියා උත්පාදනය වී තිබෙනවා. ඊළඟ මැතිවරණයට පෙර රැකියා 50,000ක් ලබාදිය හැකියි. රැකියා 50,000ක් ලබාදෙන්න පුළුවන්. මේ රටේ ඉන්න සෑම පුරවැසියෙක්ම බදු හරහා ගෙවනවා. ග්‍රාමීය මූල්‍ය සහන අපි ලබාදි තිබෙනවා. අධ්‍යාපනයට මුදල් ලබාදී තිබෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News