වෑන් රථය තුළ අභිරහස් ඝාතනයට මිතුරා අත්අඩංගුවට

Share

නාවලපිටිය, රඹුක්පිටිය ප්‍රදේශයේ වෑන් රථයක් තුළ අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මරණකරුගේ මිත්‍රයෙකු බවයි වාර්තා වන්නේ.

දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පර්ක්ෂණ අද(11) නාවලපිටිය මහේස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය විසින් සිදු කර තිබේ.

මෙලෙස අභිරහස් ලෙස මිය ගොස් ඇත්තේ නාවලපිටිය රඹුක්පිටිය ප්‍රදේශයේ පදිංචි එස්.එම්.ආර් අසංක බණ්ඩාර සමරතුංග නැමති 36 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

රියදුරෙකු ලෙස සේවය කළ මරණකරගේ මිත්‍රයෙකු ඊයේ(10) පස්වරු 6.00ට පමණ මරණකරුගේ නිවස වෙත වෑන් රථය පැදවාගෙන විත් තම මිත්‍රයා වෙරි වී වෑන් රථයේ පසු පස අසුනේ නිදා සිටි බවත්, වෙරි හිදිමෙන් පසු ඔහුට නැගිට නිවසට පැමිණෙන බව මරණකරුගේ පියා වෙත දන්වා වෑන් රථයේ යතුර මරණකරුගේ පියා වෙත බාර දී මිත්‍රයා නිවසින් බැහැරව ගොස් ඇති බව වාර්තා වෙයි.

වෑන් රථයේ නිදා සිටි තම පුතා පැය කිහිපයක් ගතවුවත් නිවසට නොපැමිණි නිසා එ පිළිබඳව සැක සිතු මරණකරුගේ පියා එ පිළිබඳව 1990 ගිලන් රථයට දැනුම් දිමෙන් පසු ගිලන් රථයේ කාර්යය මණ්ඩලය එම ස්ථානයට පැමිණ පරික්ෂා කිරීමෙන් අනතුරව අසංක බණ්ඩාර නැමති අය මිය ගොස් ඇති බව පියා වෙත දැනුම් දී තිබේ.

මරණකරු මත්ද්‍රව්‍යයවලට දැඩි ලෙස අබ්බැහි වුවෙකු බව නාවලපිටිය පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය පරික්ෂණ ආරම්භ කර ඇත.

Read more

Local News