ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නව නායකයා තිසර පෙරේරා

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නව නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා පත් කර තිබේ. මීට පෙර එම කණ්ඩායම්වල නායකත්වය දැරූ ආරම්භක පිතිකරු උපුල් තරංග ඉවත් කරමින් ජාතික තේරීම් කමිටුව මේ තීරණයට එළැඹ තිබේ.

මීට පෙර පාකිස්තානය සමග එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සහ පාකිස්තානයේ පැවැති විස්සයි20 තරගාවලියේදී පළමුවරට ශ්‍රී ලංකා පිලේ නායකත්වය දැරූ තිසර පෙරේරා ඉන්දියාවට එරෙහිව ලබන මස 10 දා ආරම්භ වන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ සහ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම භාරගෙන අැත.