රංජන්ට අගමැතිගෙන් ලිපියක්

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතු ලිපියක් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙත යවා තිබේ.

ශ්‍රී ලංකාවේ විහාරස්ථානයන්හි වෙසෙන මහා සංඝරතනය ගැන මෑතක දී රාජ්‍ය අමාත්‍යවරයා විසින් දරණ ලද අදහස් පිළිබඳව අවධානය යොමු කරමින් අගමැතිවරයා මෙම ලිපිය යොමු කර ඇත.

ඒ අනුව 2019 ජූලි 21 වන දිනට පෙර මහා සංඝරතනය ගැන දැක්වු අදහස් සම්බන්ධයෙන් ලිඛිත දැනුවත් කිරීමක් තමන්ට එවන ලෙස දන්වා තිබුණු බව ද අගමැතිවරයා මෙම ලිපියේ වැඩිදුරටත් දක්වා තිබේ.

එම අදහස් පක්ෂ නායකත්වයේ හා පක්ෂයේ අදහස් සමඟ පරස්පර බව ද අගමැතිවරයා මෙහිදී වැඩිදුරත් දක්වා ඇත.

එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස තමා රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවද අගමැතිවරයා මෙම ලිපිය මඟින් අවධාරණය කර තිබේ.

Read more

Local News