තැපැල් සේවාව ‍දින 2ක වර්ජනයක්

Share

අද(16) පස්වරු 4.00 සිට දින දෙකක වැඩ වර්ජනයක නිරත වීමට ලංකා තැපැල් සේවා සංගමය තීරණය කර තිබේ.

බඳවා ගැනීම්, උසස් වීම්, වැටුප් තල අහිමි කිරීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා සඳහන් කළේය.

සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක වුව ද නිරත වන බව ජගත් මහින්ද මහතා සඳහන් කළේය.

Read more

Local News