Tuesday, March 19, 2024.

අනිද්දා ගම්පහ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

Share

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට 19 දා දිනයේ පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දී තිබේ.

අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අනිද්දා දිනයේ පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා මෙම ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරන්නේ.

මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල සහ ගම්පහ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටයි.

එමෙන්ම වත්තල, පෑලියගොඩ, කටුනායක – සීදුව සහ ජාඇල නගර සභා බල ප්‍රදේශවලට ද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළේය.

Read more

Local News