නෝටන්බ්‍රිජ්-මස්කෙලිය ප්‍රධාන මාර්ගට ගසක් කඩා වැටීමෙන් ගමනා ගමනයට බාධා

Share

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ නෝටන්බ්‍රිජ්-මස්කෙලිය ප්‍රධාන මාර්ගය මතට මාර ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද(19) පස්වරු 3.00 සිට ඇණ හිට තිබේ.

එම මාර්ගයේ මවුස්සාකැලේ වත්ත ප්‍රදේශයෙන් ගස ප්‍රධාන මාර්ගයට කඩා වැටි ඇති බව නෝටන්බ්‍රිජ් පොලීසිය සඳහන් කළේය.

ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ගස කපා ඉවත් කිරීමේ කටයුතු මවුස්සාකැලේ යුධ හමුදා කදවුරේ භට පිරිස්, නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලයේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

මස්කෙලිය නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ අභියස ගස් විශාල ප්‍රමාණයක් ඇති බැවින් පවතින තද සුළං තත්ත්වයත් සමඟ ගස් හෝ ගස් අතු ප්‍රධාන මාර්ගයට කඩා වැටිමේ අවධානමක් පවතින නිසා එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News