Miami ගුවන් අනතුරෙන් පසු Amazon, භාණ්ඩ ප්‍රවාහන සමාගමක් සමඟ කටයුතු තාවකාලිකව නවතයි

Share

E-commerce දැවැන්තයා වන Amazon පවසන්නේ මේ මාසයේ Miami හි සිදුවූ මාරක ගුවන් අනතුරට සම්බන්ධ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මෙහෙයවූ 21 Air සමාගම සමඟ සිය මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි.
Amazon ප්‍රකාශකයෙකු ඉරිදා සඳහන් කළේ, පසුගිය සති අන්තයේ සිදුවූ ඛේදජනක අනතුරෙන් පසු විමර්ශනයට සහාය දැක්වීම හා අනතුරට අදාළ තත්ත්වයන් සමාලෝචනය කිරීමෙන් අනතුරුව 21 Air සමඟ මෙහෙයුම් නවතා දැමීමට තීරණය කළ බවයි.
සැප්තැම්බර් 6 වැනිදා 21 Air විසින් මෙහෙයවනු ලැබූ Boeing 767-300 භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය Miami International Airport හි ධාවන පථය ඉක්මවා ගොස් වාහන කිහිපයක ගැටී තිබේ. අනතුරින් පුද්ගලයන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුර සම්බන්ධ විමර්ශනය US National Transportation Safety Board (NTSB) විසින් මෙහෙයවනු ලබයි.
Amazon ප්‍රකාශිකා Kelly Nantel පැවසුවේ තම සමාගමේ මෙහෙයුම්වලදී මෙන්ම හවුල්කාර සමාගම් සමඟ කටයුතු කිරීමේදීත් ආරක්ෂාව සැමවිටම ප්‍රමුඛතාව වන බවයි.

Read more

Local News