වකුගඩු රෝගීන් සිටින ප්‍රදේශවල ජල ව්‍යාපෘති වසර 2020 අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා

Share

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් අමාත්‍යවරයා අද (30) පාර්ලිමේන්තුවේ දී වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසුවේ,

අත්තනගල්ල ව්‍යාපෘතිය ගැන විවේචනය කළා. මේ ව්‍යාපෘතිය ජනගහනය තුන් ලක්ෂයකට පළමු අධියර යටතේ දෙවැනි අදියර දී ලක්ෂයකට පානීය ජලය ලබදෙන ව්‍යාපෘතියක්. රටේ දියත් කරන විශාල ව්‍යාපෘතියක්. අපේ ණය බරතාවය ගැන කිව්වා. මේ පිළිබඳව අප දැරීමට තියෙන බර අඩු කිරීමට භාණ්ඩාගාරය එකඟ වී තිබෙනවා. මිල සංශෝධනය අප ප්‍රමාද කර තිබෙනවා, එය කෙතරම් පාඩු වුවත්.

පොළොන්නරුව නැඟෙනහිර පානීය ජල යෝජනා ක්‍රමය දැඩි ලෙස වකුගඩු රෝගයට ගොදුරු වූ ප්‍රදේශ ආවරණය කරන්නේ. වකුගඩු රෝගීන් සිටින ප්‍රදේශවල ජල ව්‍යාපෘති වසර 2020 අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. 2030 තිරසර ඉලක්ක සාක්ෂාත් කරගැනීමට විශාල වගකීමක් පැවරී තිබෙනවා. ජල සම්පාදන මණ්ඩලයේ වැටුප් සංශෝධනයට කමිටුවක් පත් කර තිබෙනවා. අධ්‍යනය කර නිර්දේශ ලබාදෙවී. වැටුප් ප්‍රශ්නයක් තිබෙනවා.

අපේ අමාත්‍යාංශය තුළින් කල්මුනේ, සමන්තුරේ ඇතුළු නගර සංවර්ධනයට යෝජනාවක් ලබාදී තිබෙනවා. දැනටමත් සැලසුම අනුව විශාල සංවර්ධන ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න යෝජනා කර තිබෙනවා. පොතුවිල්වලට අවශ්‍ය පානීය ජලය හා කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය ලබදීමට අවශ්‍ය කටයුතු කරමින් පවතිනවා. වාලච්චේන ජල සම්පදන යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News