රත්මලාන වෙඩිකන්දේ පදිංචි දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රී කුමුදිණි සංඝදාස මහත්මියගේ නිවසට පැමිණි කාන්තාවක් මන්ත්‍රීවරියට තර්ජනය කර ගල්කිස්ස පොලිසියේ පැමිණිල්ලක් දමා රෝහල්ගත වූ සිද්ධියක් වාර්තා වේ.
පසුගිය දිනෙක නාගරික මන්ත්‍රීවරියගේ නිවසට පැමිණ ඇති කාන්තාවක් මන්ත්‍රීවරියට නන් අයුරින් බැණ වැද තර්ජනය කර ඇත. පසුව මන්ත්‍රීවරිය ඇයට එම අවස්ථාවේදී පහරදුන් බවට ගල්කිස්ස පොලිස් ස්ථානයේ පැමිණිල්ලක්ද යොමු කර කලුබෝවිල රෝහල වෙත ගොස් නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට උත්සහ දරා ඇත. නමුත් අදාල කාන්තාවට කිසිදු අසනීපයක් හෝ වෙනයම් තැලීම් සීරීම් නොතිබු හෙයින් වෛද්‍යවරුන් අදාළ කාන්තාව රෝහලින් පිටත්කර යවා තිබේ. නමුත් පසු දින නැවතත් රෝහල වෙත ගොස් එම කාන්තාව රෝහල්ගත වී ඇතැයි වාර්තාවේ.

මේ අතර මන්ත්‍රීවරියගේ නිවසට ගොස් තර්ජනය කළ කාන්තාව මෙහෙයවනු ලබන්නනේ ප්‍රදේශයේ කුඩු ජාවාරම්කරුවන් සමඟ සබධතා පත්වනු ලබන ”කුඩු කුමාරි” නම් කාන්තාවක විසින් බව හෙළිවී තිබේ.
පසුගිය දිනක පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයට ලැබුණු තොරතුරක් මත එම ඒකකය විසින් වලව්වත්තේ කුඩු කුමාරි නම් කාන්තාව පදිංචි නිවස සෝදිසි කර ඇත.
මෙම කාන්තාව දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ඇතැමි මන්ත්‍රීවරුන් සමඟ ද ඉතාමත් කිට්ටුවෙන් ඇසුරු කරන බව ද හෙළිවී ඇත.
සිය නිවසට පැමිණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රීවරියද ගල්කිස්ස පොලිසියට පැමිණිලි කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ සිදු කරයි.