උසස් පෙළ කඩයිම් ලකුණු නිකුත් වෙයි

Share

2018 – 2019 උසස් පෙළ ප්‍රතිඵලවලට අදාළව විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ අවම කඩයිම් ලකුණු නිකුත් කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ www.selection.ugc.ac.lk වෙඩ් අඩවියට පිවිසීමෙන් තමන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය අපේක්ෂකයින්ට පරීක්ෂා කළ හැකි බවය.

මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සාමාන්‍ය ප්‍රවේශය යටතේ සිසුන් 30830 දෙනෙකු තෝරා ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේය.

එය පෙර වසරට සාපේක්ෂව සිසුන් 645ක වැඩි වීමකි.

Read more

Local News